POSTED ON Wednesday, August 7, 2013| | Edit Post
තම නැතිවූ වෙළඳාම නැවත ලබාගැනීමේ අටියෙන් ඇන්කර් සමාගම සිය ප්‍රචාරණ කටයුතු මේවනවිට  දෙගුණ තෙගුණ කර තිබෙනවා..

මේ දින වල නිතර දෙවේලේ අසන්නට ලැබෙන ඇන්කර් වෙළඳ දැන්වීමකින් ඇසෙන්නේ වසර 30ක් පුරා ඇන්කර් විකුණන වෙළඳසැල් හිමියෙකුගේ කතාවකි. 

අනතුරුව එහි සඳහන් වන්නේ වැඩි විස්තර සඳහා 0112-468 468 අමතන්න යනුවෙනි.

එම අංකයට ඇමතුමක් ගත් 33000 පාඨකයෙකුට ඇන්කර් සමාගමේ දුරකථන ඇමතුම් ක්‍රියාකරුපිළිතුරු දුන්නේ පහත පරිදිය.

පාඨකයා: හෙලෝ...මේ අහන්න ඇන්කර් ද? මේ කතා කළේ අර දැන්වීමක් යනවා රේඩියෝ එකේ. අපිටත් බැරිද මහත්තයෝ ඒ වගේ ඇඩ් එකකට පෙනී ඉන්න? සාමාන්‍යයෙන් කීයක් වගේ එහෙම දෙනවාද? අපෙත් කඩයක් තියනවා ගාල්ලේ. අපිත් ගොඩක් කල් ඉඳන් ඇන්කර් විකුණනවා.

ඇන්කර්: ඒක නම් මහත්තයෝ කියන්න දන්නේ නෑ. මේ අංකය තියෙන්නේ අපේ නිෂ්පාදන වල තත්ත්වය පිළිබඳව දැනගන්නයි. ඒකට මේ ලයින් එකට කතා කරලා හරියන්නේ නෑ. 

පාඨකයා: කීයක් විතර ගෙවනවද එහෙම එකකට ඉන්නවට?

ඇන්කර්: මම නම් දන්නේ නෑ.

පාඨකයා: කාගෙන්ද ඒක අහන්න ඕනේ. මගෙත් කඩයක් තියනවා රෝහණ ට්‍රේඩර්ස්ලට කලින් ඉඳන් අපි ගාල්ලේ කරන්නේ. දැන් නම් යන්නේ නෑ මහත්තයෝ අර ප්‍රශ්නෙත් එක්ක

ඉහත දෙබසට අදාල වෙළඳ දැන්වීම හා එම දෙබස පහතින්.



මේ අතර අද (07) උදෑසන රිවිර පුවත්පතේ මුල්පිටුවේ ආනයනික කිරිපිටි ගැටලුව  පිලිබඳ පුවතක් පල කර තිබියදී හිරිකිතයකින් තොරව මුල් පිටුවේ ඇන්කර් 100% සෞඛ්‍ය ආරක්‍ෂිත බවට දැන්වීමක් ද පලකොට තිබිණි. 

ඒ බව විමසීමට අප රිවිර මිඩියා කෝපරේෂන් අමතුවිට එහි කතෘ මණ්ඩලයේ අයෙකු අපට පිළිතුරු දුන්නේ මෙලෙසින්. 

පාඨකයා: අද පත්තරේ ඔයගොල්ලෝ දාලා තියනවා මුල පිටුවේ අධි සාන්ද්‍රීය ප්‍රෝටීන් හින්දා කිරිපිටි ගේන එක නැවැත්තුවා කියලා. ඒ පත්තරේම පහල තියනවා ඇඩ් එකක් දාලා ඇන්කර් 100%ක් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා. 

ඇයි ඉතින් ඒ වගේ දෙයක් කරන්නේ? අපි පිලිගන්න ඕනේ ඔයගොල්ලන්ගේ නිවුස් එකද අර ගොල්ලන්ගේ ඇඩ්වර්ටීස්මන්ට් එකද? 

රිවිර: මෙතන තාක්ෂණික ගැටලුවක් තියෙන්නේ. කර්තෘ මණ්ඩලයට ආව ඇත්ත ප්‍රවෘත්තිය තමයි ඒ ගොල්ලෝ දාලා තියෙන්නේ. එතකොට මේ ඩමිය මාක් කරනවා වෙනම. ඒක අපි දන්නේ නෑ මොන ඇඩ් එකක්ද මෙතනට එන්නේ කියලා. 

ඒක වෙනම ඩිපාර්ට්මන්ට් එකකින් කරන වැඩක් . අපි හැදුවට පස්සේ අරගොලෝ ඇඩ් ටික දාලා මේක ෆිනිෂ් කරනවා. අපිත් දන්නේ ඔයා කිව්වට පස්සෙයි.

එම දෙබස පහතින්.

කෙසේවුවද මීට සුලු වේලාවකට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ආනයනික කිරිපිටි සම්බන්ධ වෙළඳ දැන්වීම පළකිරීම තහනම්කර තිබෙනවා.

උපුටා ගෑනීම -  www.33000.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews