POSTED ON Wednesday, August 28, 2013| | Edit Post
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග...

නමුත් දැන් නොදැන වුවත් කතරගම යා හැකි ක්‍රමයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ.


නාදුනන පළාතක බස් රථයකින් යන විට, බසින තැන නිවැරදිව දැන ගැනීම ඉතා අපහසුයි.
බොහෝ විට කොන්දොස්තර මහතාගේ හෝ අසල සිටින මගියෙකුගේ සහය පැතීමට සිදුවේ.
තමන්ට හුරු ප්‍රදේශයක වුවද රාත්‍රියේදී බස් රථයක යන විට බසින තැන දැන ගැනීම අපහසුයි.

බොහෝ දෙනෙක් මෙවන් අවස්ථාවකට මුහුණ දී ඇතුවා නිසැකයි.

බස් රථය දැන් ගමන් කරන ස්ථානයත් මීලග නැවතුමත් GPS තාක්ෂණය යොදා ගනිමින් නිවැරදිව සොයාගෙන ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන්(අවශ්‍යනම් දමිළ භාෂාවෙනුත්) බස් රථය තුළ පෙන්වන ක්‍රමයක්  මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් සාර්ථකව නිර්මාණය කර ඇත.


මීට අමතරව බස් රථය නැවතුම් දෙකක් අතරමැද පවතින විට බස් හිමියාට අවශ්‍ය පණිවිඩත් වෙලාවත් පෙන්විය හැක.



ෆේස්බුක් පිටුව -GPS Navigation System
වැඩිදුර විස්තර සදහා
මහේෂ් - 0713062989
තරිඳු - 0779402972


We have developed a GPS navigation system for buses.
It displays current bus stop and next bus stop using gps technology in Sinhala and English. When bus travels between two bus stops, it displays time and advertisements. 


 



 

 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews