POSTED ON Saturday, August 10, 2013| | Edit Post
ජීවත්වීමට සුදුසු නිවාස නොමැති තවත් අඩු ආදායම්ලාභී පවුල්  4 කට නිවාස ඉදිකරගැනීම හා අළුත්වැඩියා කරගැනීම සඳහා ජනසෙවණ නිවාස  මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.


මෙහිදී අදහස් දැක්වූ රත්මලානේ පදිංචි ඩිලාන් කුමාර මහතා “ මං ලෝකයේ ප්‍රථම වතාවට ඉදිආප්ප හදන මැෂින් එකක් නිර්මාණය කළා. ඒක දැකපු විමල් වීරවංශ ඇමතිතුමා එතුමාව හම්බවෙන්න කියලා, මට නිවසක් ඉදිකරගන්න මුදල් පරිත්‍යාගයක් සිදුකළා. මම අවුරුදු 4 ක කාලයක් තිස්සේ ඉඳිආප්ප නිෂ්පාදන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට වෙහෙසුණා. එහෙම වෙහෙස මහන්සිවෙලා කටයුතු කරලා මේ වසරේ මාර්තු මාසයේ  මං මගේ නිර්මාණය වෙළඳපොළට හඳුන්වාදීමේ කටුයුතු ආරම්භ කළා. මේ වගේ නිපැයුමක් කරන්න මං අවුරුදු 4 ක් කාලයක් තිස්සේ කටයුතු කළා. මගේ මැෂින් එකේ තියෙන සුවිශේෂත්වය තමයි සේවකයන් 5 දෙනෙකු විසින් සිදුකළ යුතු කාර්යභාරය මේ මැෂින් එකට තනිවම සිදුකරන්න පුළුවන් වීම. ඒ වගේම තමයි මේ මැෂින් එක සඳහා මං සම්පූර්ණයෙන්ම යොදාගන්න  අමුද්‍රව්‍ය තමයි  සුදු යකඩ. සුදු යකඩ භාවිතාකරලා තමයි මේ වගේ ඉදිආප්ප මැෂින් එකක් මම ලෝකයේ ප්‍රථම වතාවට නිර්මාණය කළේ. ඒවගේම තමයි මම මේ වෙන විට මගේ නිර්මාණය සඳහා පේටන් බලපත්‍රය පවා ඉල්ලුම් කරලයි තියෙන්නේ. ඉතිං අද දවසේ මට නිවසක් ඉදිකරගැනීමට මූල්‍යාධාර ප්‍රදානය සිදුකිරීම පිළිබඳව මම විමල් වීරවංශ අමාත්‍යතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා ” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/other-news/99126/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews