POSTED ON Wednesday, August 7, 2013| | Edit Post
Fonterra shares, New Zealand dollar hit by food safety concerns

ලොව විශාලතම කිරි නිෂ්පාදන අපනයනකරුවා වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ සමහර නිෂ්පාදනවල මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියාවක් ඇතැයි ලොවම කැළඹීමට පත්වීම හමුවේ නවසීලන්ත ඩොලරය සහ ෆොන්ටෙරා සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ෆොන්ටෙරා සමාගම පවසා තිබෙන්නේ චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සෞදි ආරාබිය යන රටවලට සමාගම විසින් අපනයන කළ සමහර නිෂ්පාදනවල ඇතුළත් නවසීලන්තයේ නිෂ්පාදිත කිරි ප්‍රෝටීන වලට මෙම හානිකර බැක්ටීරියාව ඇතුළු වී තිබෙන බවයි.
මිනිස් ශරීරයට අහිතකර මෙම බැක්ටීරියාව ඇතුළත්වූ කිරිපිටි අතර ළදරු කිරිපිටිද ඇතුළත් වනබව සඳහන් වන අතර චීනය හා රුසියාව විසින් සියළුම ෆොන්ටෙරා නිෂ්පාදන මේ වනවිට තහනම් කර තිබේ.

මීට අමතරව, චීනය විසින් නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන සියළුම කිරිපිටි අත්හිටුවීමටද කටයුතු කර තිබෙන අතර මේ නිසා නවසීලන්ත ආර්ථිකයට මරු පහරක් වැදී තිබෙන බවද වාර්තා වේ.

මේ පිළිබඳව ප්‍රශ්න කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ 2012 මැයි මාසයේදී නිෂ්පාදනය කළ කිරිපිටි වලට ඇතුළු වී තිබෙන මෙම බැක්ටීරියාව පිළිබඳව අනාවරණය කිරීමට ෆොන්ටෙරා සමාගම මෙතෙරම් කලක් ගත්තේ ඇයිද කියායි.

මෙම ප්‍රශ්නය හමුවේ අද දිනයේදී නවසීලන්ත ඩොලරය වසරක් තුළ වාර්තා වූ අඩුම අගයට වැටුණු බවත් එහි පහළ යාම සියයට 1.5 ක් බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියයි.

මේ අතර, ෆොන්ටෙරා සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල මේ වනවිට සියයට 09 කින් පමණ කඩා වැටී ඇතැයි සඳහන්ය.

 උපුටා ගෑනීම -  www.vimasuma.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews