POSTED ON Wednesday, August 21, 2013| | Edit Post
පසුගියදා ගනේමුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසකට කොකා කෝලා බෝතලයක් තුල තිබී මියගිය හුනෙකු හමුවී තිබේ. බෝතලේ මුද්‍රාව කැඩීමටත් පෙර මෙය දුටු නිසා ඔවුන් බෝතලය ලඟ තබාගෙන ඇත්තේ ඉදිරියේදී අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. 

ඔවුන් එය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි "සීතා" නම් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගෙන ඇති අතර ඉන්පසුව කොකා කෝලා ආයතනයට සහ මාධ්‍යය ආයතනයන්ට මෙම සිද්ධිය දන්වා ඇත. 

එහිදී කොකා කෝලා සමාගමේ නියෝජිතයෙකු ඔවුන් හමුවීමට පොරොන්දු වී ඇතිඅතර පුවත් ප්‍රථමයෙන් හෝ සත්‍යය ප්‍රථමයෙන් යනුවෙන් හදුන්වාගන්න කිසිදු මාධ්‍යයක් මෙම පුවත පලකිරීමට මැලිවී ඇත. 

තරුණයන් පිරිසගේ දැනුම්දීම අනුව පැමිණි කොකා කෝලා සමාගමේ නියෝජිතයා එය බොහෝ වෙලා පරික්ෂාකොට ඔවුන්ට කියා ඇත්තේ එය එතරම් ගැටළුවක් නොවන බවය.

මෙය පුස් වර්ගයක් බවත් අවශ්‍යයනම් පාරිභෝගික අධිකාරියට ගොස් පැමිණිලි කල හැකි බවත් එසේ පැමිණ කළහොත් කරදර සිදුවන්නේ පැමිණිලිකාර පාර්ශවයටම බව එම නියෝජිතයා විසින් කියා ඇත. 

කෙසේ නමුත් කොකා කෝලා බෝතලයක තිබී හුනෙකු අසුවූ ප්‍රථම අවස්තාව මෙය නොවේ. පසුගිය වසරේ හොරණ ප්‍රදේශයේ අලෙවි කෙරුණ කොකා කෝලා බෝතලයක තිබී හුනෙකුගේ කොටස් අසුවුයේ පන්නිපිටියේ පදිංචි ටෙක්‌ලා ධම්මිකා කුමාරි නම් තැනැත්තියකට ය. 

නීතිමය ක්‍රියාමාර්ග ගත්තත් අධිකරණය මගින් මෙවන් බහුජාතික අමාගම් වලට මෙයට පෙරත් දඩ නියම වුයේ රුපියල් දස දහසක් වැනි සුළු මුදලකි. මේ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනයේ මෙවන් දෝෂ සාමන්‍යයකරණය වී ඇතිඅතර ඔවුන් දෝෂ සහිත නිෂ්පාදනය මිලදී ගත පාරිභෝගිකයාට අභියෝග කරන්නේ හැකිනම් නීතිමය කටයුතු සිදුකරන ලෙසයි. 

කොකා කෝලා ආයතනයේ නියෝජිතයා පැමිණ එම බෝතලය පරික්ෂා කල අයුරු පහතින් බලන්න 



එම බෝතලයේ මුද්‍රාව කඩා නොමැති ආකාරය සහ හුනෙකුගේ කොටස් දිස්වන ආකාරය පහතින් බලන්න 



උපුටා ගැනීම - www.33000.lk වෙබ් අඩවියෙනි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews