POSTED ON Wednesday, August 7, 2013| | Edit Post
නවසීලන්තයෙන් ආනයනය කරන සියලුම කිරි පිටි නිෂ්පාදන වරායෙන් නිදහස් කිරීම වහාම අත් හිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරේදා තීරණය කළා. ඒ Whey Protein අධි සාන්ද්‍ර තුළ Cloatridium Botalinum බැකීරියාව ඇතුලත් වන බවට තොරතුරු වාර්තා වූ නිසයි. 

මෙම හේතුව නිසා චීනය විසින් තම රට තුල ඇති කිරි පිටි ටොන් 420,000ක් ඉවත්කිරීමට සූදානම් වෙනවා. ඒ නවසීලන්ත තනාපති කාර්යාලය විසින් විෂ රසායන පිළිබඳව ඇති අවදානම හේතුවෙන් ඒවා වෙළඳපොළෙන් ඉවත් කරනා ලෙසට ලබා දුන් උපදෙස් නිසයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ Cow & Gate ළදරු ආහාර සමාගමද වහාම ක්‍රියාත්මක වන පරිදි හොංකොං වෙළඳපොළේ තිබෙන සිය නිෂ්පාදන ආපසු එක් රැස් කරමින් පවතිනවා. මේ ඉවත්කරගැනීමට හේතුව ඔවුන්ගේ ළදරු කිරිපිටි සඳහා අමුද්‍රව්‍ය සපයන්නේද ෆොන්ටෙරා සමාගම වීමයි.

චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය හා සෞදි අරාබිය ඇතුලු රටවල් ගණනාවක මෙම විශ සහිත කිරි පිටි වෙළඳපොලේ තිබෙන බවට විශ්වාස කෙරෙනවා.

මෙයට දින කිහිපයකට ප්‍රථමයෙන් කිරි පිටි සම්බන්ධව ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවුයේ කිරිපිටිවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide(DCD) නම් සංඝටකය ඇතුලත්ව ඇති බවට නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තාවක් හේතුවෙනි. 

විදෙස් වාර්තාවක් මගින් එය මුල්වරට හෙළි කරද්දී බහු ජාතික කිරි පිටි සමාගම් එය පසෙකලා ජනතාව වෙත තම නිෂ්පාදන සුරක්ෂිත බව දැන්වීමට මිලියන ගණනින් වියදම්කොට දැන්වීම් ප්‍රචාරය කළේය. 

ඩයිසයන්ඩයිඒමයිඩ් (DCD) රසායනිකය හරකුන් අනුභව කරන තණකොළ සඳහා යොදන අතර එය යෙදීමට ප්‍රධානතම හේතුව වන්නේ හරක් මුත්‍රා ආශ්‍රයෙන් නිෂ්පාදනය වන හරිතාගාර වායුව ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් එල්ල කරන නිසාවෙනි.

DCD රසායනිකය යෙදීමත් සමග එම තත්ත්වය පහවී යයි. මෙම රසායනිකය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හා කිරිපිටි වල පරිභෝජනයට සුළු වශයෙන් හෝ අන්තර්ගත වීම නුසුදුසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මින් පෙර මෙවන් ආන්දෝලනාත්මක අවස්ථාවකදී රජය විසින් ප්‍රකාශකොට තිබුනේ මෙවන් අවස්තාවක පිළිගත හැක්කේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තා පමණක් බවයි. 

ඒ අනුව කාර්මික තාක්ෂණ ආයතනය විසින් රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide - DCD අන්තර්ගතද යන්න පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදි. ඒ අනුව ආනයනික කිරිපිටි වර්ග 4 ක සහ දේශීය කිරිපිටි වර්ග 2 ක සාම්පල විවිධ ප්‍රමාණයන්ගෙන් ගෙන මෙම පර්යේෂණය සිදු කර ඇති අතර එම සාම්පල අතරට ෆොන්ටේරා සමාගමේ ඇන්කර් හා ඇන්කර් 1+, ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් ආනයනික කිරිපිටි මෙන්ම හයිලන්ඩ් සහ පැලවත්ත සන්නම සහිත දේශීය කිරිපිටි සාම්පලත් යොදාගෙන ඇත.

පර්යේෂණයට අනුව තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිිම DCD රසායනිකය අන්තර්ගත බවයි. එහෙත් දේශීය කිරිපිටි වර්ග 2 හි කිසිඳු DCD රසායනික තත්ත්වයක් අන්තර්ගත නොවන බව ද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත.

මේ අතර සිංගප්පුරුවේ පරික්ෂනාගාරයකදී සිදුකරන ලද ලංකාවේ ආනයනික කිරි පිටි පරික්ශාවකදී එහි අන්තර්ගත වූ ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ මෙසේ දක්වා තිබුණි.
(මිලියනයකට කොටස්) 

ලක්ස්ප්‍රේ - 15.17 
රත්ති – 7.42 
මැලිබන් - 0.46 
ඇන්කර් – 0.43 
නෙස්ප්‍රේ – 0.36 

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තායිලන්තයට යවනු ලැබූ සාම්පල් 128 ක පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් පසුව නිවේදනය කරනු ලැබුවේ මිනිස් සිරුරට අහිතකර වන තරම් ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණයක් කිරි පිටිවල අඩංගු නොවන බවයි. 

නමුත් එම විෂයෙහි විශේෂඥයෝ පවසන්නේ ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ සුළු වශයෙන්වත් කිරි පිටි වල අඩංගු නොවිය යුතු බවය. 

කෙසේ නමුත් මේ වනවිට කිරිපිටිවල ඞී.සී.ඞී. ගැටලුව යටපත්වී, වේ ප්‍රෝටීන තුලින් පැතිරෙන Cloatridium Botalinum බැක්ටීරියාව පිලිබඳ බිය ඇතිවී තිබේ. මේ පිලිබඳ ෆොන්ටෙරා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි තිඕ ස්පියරින්ග් මහතා බීජින්ග් නුවරදී පැවති මාධ්‍යය හමුවකදී පහත අදහස් පලකරනු ලැබුවා. 
"අපි බොහෝ කනගාටු වනවා මෙම ගැටලුවෙන් පිඩා වූ ජනතාව සම්බන්ධයෙන්..අපගේ මුලිකම බලාපොරොත්තුව වන්නේ ආහාරවල සුරක්ෂිතබාවය සහ ජනතාවගේ සුරක්ෂිතබාවය පිලිබඳවයි. අප මේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් ලොව වටා සිටින 
පාරිභෝගිකයන්ගේ හා දෙමාපියන්ගේ තත්වය පිලිබඳ සම්පුර්ණයෙන් වටහාගෙනයි සිටින්නේ. දෙමාපියන්ට අයිතියක් තිබෙනවා තමන්ගේ දරුවන්ට දෙන ආහාරපාන සියයට සියයක්ම ආරක්ෂිතයිද කියා සොයා බලන්නට.." 

කෙසේ නමුත් ෆොන්ටෙරා සමාගම ප්‍රකාශකර සිටින්නේ 2012 මාර්තු මස වයිකෝ කර්මාන්ත ශාලාවේ අපවිත්‍ර නලයක සිදුවූ ගැටළුවක් හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. 

2012 වසරේ නිපදවූ එම කිරි පිටි නිෂ්පාදනයට අවශ්‍යවූ සංඝටක මෙම වසරේ ජුලි මස 31 වනදා දක්වා කිසිදු දෝෂයක් පෙන්නුම් කොට නැහැ. නමුත් මාර්තු මස සිදුකරන ලද පරීක්ෂණයකදී එවැනි බැක්ටීරියාවක් තිබිය හැකි බවට පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබිණ. 

තත්වය එසේ තිබියදී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ලියොන් ක්ලේමෙන්ට් මහතා නිවේදනයක් නිකුත්කොට කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ඇති ෆොන්ටෙරා නිෂ්පාදන සියයට සියයක්ම සෞඛ්‍ය ආරක්‍ෂිත බවයි. 

ෆොන්ටේරා නිෂ්පාදන වෙනත් රටවල් වලින් ඉවත්කිරීම පිළිබඳව රොයිටර් පුවත් සේවය විසින් ගෙන ආ වීඩියෝ දෙකක් පහතින් 






උපුටා ගෑනීම -  www.33000.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews