POSTED ON Friday, August 23, 2013| | Edit Post
බහුජාතික සමාගම්වල අතකොලූවක් බවට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් වස විස සහිත කිරිපිටි ජනතාවට බීමට ඉඩ තබා වසර ගණනාවක් තිස්සේ නිහඬව බලා සිටි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චෝදනා කරයි.

බහු ජාතික සමාගම්වලට ගැතිවී හෝ වෙනත් වරප‍්‍රසාද හේතුවෙන් කිරිපිටිවල වස විස නැතැයි ප‍්‍රකාශ කිරීම බරපතළ වංචාවක් සහ අපරාධයක් බවද ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කරන බවද එහිදී වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.

මෙරට දරුවන්ට සහ ජනතාවට වස විස නැති ආහාර හා කිරි වර්ග ලබාදීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් මගින් පූර්ණකාලීන වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීය.

වෛද්‍ය පාදෙනිය මහතා මෙසේ ද පැවැසීය.

‘ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට පසුගියදා අයි.ටී.අයි. ආයතන තහවුරු කර වාර්තාවක් නිකුත් කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි එම වාර්තාව නිකුත් කළත් එය පිළිගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රතික්ෂේප කළා.

සෞඛ්‍ය අමාත්‍යංශය තායිලන්ත රසායනාගාර වාර්තාවක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා රජයේ ආයතනයක් වන අයි.ටී.අයි. වාර්තාව ප‍්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය නවසීලන්තයෙන් ගෙන්වන ආනයනික කිරිපිටි තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඔවුන් කියන්නේ ”බොටුලීනම්” බැක්ටීරියාව අඩංගු නිසා එසේ තහනම් කළ බවයි. ඇත්තම කතාව එය නොවෙයි. ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. තිබෙන බව තහවුරු වී තිබෙන නිසා ඒ ගැන ගන්නා පියවර කුමක්දැයි අපිත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසුවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සත්‍ය වසන් කර වසර ගණනාවක් හිටියා. අවසන් මොහොතේ තව දුරටත් එසේ කළ නොහැකි වුණා.

මේක අන්තර් ජාතික ප‍්‍රශ්නයක්. ලෝකයේ කිරිපිටි සමාගම් සමග හැප්පෙන එක ලේසි නැහැ. ඒත් අපේ රටේ ජනතාව බේරා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට වගකීමක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට අවශ්‍ය රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වඩා තමන් මේ බහු ජාතික සමාගම්වල අතකොලූවක් වන්නේ කොහොමද කියන එකයි’

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/99695/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews