POSTED ON Monday, August 12, 2013| | Edit Post
නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි සම්බන්ධව ශ්‍රී ලංකාව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල නිවැරදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් නවසීලන්තයේ සිදුකල පරීක්ෂණ පිළිබඳව තමන් ඉතාමත් විශ්වාසයෙන් සිටින බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා මාධ්‍ය පවසයි.

ඊයේ දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ බවත් එහිදී එම කිරි පිටිවල ඩී.සී.ඩී. රසායනය අඩංගුව ඇත්තේ ඉතා සුළු වශයෙන් පමණක් යැයි වාර්තාවී ඇති බවයි.

අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ලද පරීක්ෂණවල වාර්තා හා නවසීලන්තය මෙන්ම අනෙකුත් රටවලදී මේ පිළිබඳව කළ පරීක්ෂණවල වාර්තා අතර විශාල වෙනසක්ද ඇති බවයි.

මේ අතර තම කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරේ මක්කලී මහතා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයිද මාධ්‍ය වාර්තා පවසයි.

මූලාශ‍්‍ර – 01 02 03

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/main-news/99221/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews