POSTED ON Friday, August 30, 2013| | Edit Post
මෝටර් වාහණ අනයනයේදි දිවයිනේ වාණිජ බැංකු වල විවර කරණ ණයවර ලිපි (Letters of Credit (LCs)) සදහා සියයට සියයක අවම ආන්තික තැන්පතු රේගුලාසියක් පැනවිමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි නිවේදනය කරයි.

කෙසේවෙතත්,මෙම රේගුලාසිය ගිලන් රථ,බස් රථ,ලොරි හා ට්‍රක් රථ වෙනුවෙන් බලනොපාන බවද සදහන්ය.

මෙම රේගුලාසි හදුන්වාදිමෙන් පසු අදාල තත්ත්වයන් යළි මාස 06 කට පසු විමර්ශණයකට ලක් කරන බවද මහ බැංකුව කියයි.

දේශීය රුපියලේ අගය ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ පෙර නොවු තරමේ දැඩි පිඩනයකට මේ වන විට ලක් ව ඇති අතර එම තත්ත්වයන් මත ඇතිවන පිඩනයන්ගෙන් මිදිමට මෙම නව රේගුලාසි හදුන්වා දි ඇතැයි ආර්ථීක විද්වතුන් කියයි.

 නමුත්,මහ බැංකුව සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ලොව බොහෝමයක් වෙළෙඳ ගනුදෙනු කාර රටවල මුදල් ඒකක දේශීය රුපියලට සාපේක්ෂව පිරිහි ඇති තත්ත්වයක අවධානම් මඟ හරිමින් වැඩි වර්ධනය වන වාහණ අනයනය පාලනය සදහා මෙම පියවර ගත් බවයි.විශේෂයෙන් වාහණ අනයනය කරන ජපාන හා ඉන්දිය මුදලට සාපේක්ෂව දේශීය රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ අවසානයේ සිට අගෝස්තු 22 දා වන විට ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියලේ අගය සියයට 3.5  පහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි.

මෙම තත්ත්වය ජුනි දෙවන සතියේ සිට දක්නට ලැබෙන බවත් අනයන ඩොලර් ඉල්ලුම වැඩි විම මෙයට හේතුව බවත් කියයි.මේ අතරේ පසුගිය දින කිහිපය තුල රුපියල ශක්තිමත් වෙම්න් පවතින බවද මහ බැංකුව කියයි.

මෙම, අගෝස්තු 22 දා වන විට  බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව ස්ථාවර වුයේ කියන රුපියල ජපාන යෙන් වලට සාපේක්ෂව සියයට 10.3 කින්ද  ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 13.2 කින්ද ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 11.8 කින්ද අධි ප්‍රමාණය වි ඇත.

ගෙවුම් ශේෂ අර්බුදයන්ට මුහුණ දුන් පසුගිය වසරේ මුල් කාර්තුවේ අනයන පාලනය සදහා රජය වාහණ අනයන මත බදු බර වැඩි කිරිමටද කටයුතු කළේය.

Margin Deposit Requirement against Letters of Credit (LCs) opened with

Commercial Banks for the Importation of Vehicles


The Central Bank has noted that, during the  year 2013, the currencies of several trading partner economies have sharply depreciated against the Sri Lankan rupee. As a consequence, there has been a growing possibility that the importation of motor vehicles into Sri Lanka could accelerate in the period ahead. The Central Bank believes that this trend should not be allowed to continue without a suitable response.

In that background, in order to deal with the emerging risk, the Monetary Board at its meeting held on 27th  August 2013 decided to impose a 100 per cent margin deposit requirement against the Letters of Credit opened with the commercial banks for the import of motor vehicles, other than buses, ambulances, lorries and trucks. Accordingly,  Letters  of  Credit  for  the  importation  of  specified  vehicle categories could be done only with a minimum cash margin of 100 per cent, with immediate effect.

The Monetary Board has also decided to review the imposition of this margin after a period of six months.

 උපුටා ගෑනීම -  http://www.randora.lk/index

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews