POSTED ON Wednesday, August 28, 2013| | Edit Post
බොර තෙල් සදහා පිටරටට ඇදී යන කෝටි ගනනක් වන මුදල රටතුල රටතුල ඉතිරි කර ගැනීමට දේශීය ව්‍යාපාර සමූහයක්  විසින් තබන ලද ඉදිරි පියවරක්...
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාවට පුර්ණ වශයෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් හදුන්වාදීමට ලාෆ් සමුහ ව්‍යාපාරය සුදානම් වේ.

BYD e 6 නමැති චීනයේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ලෝ සුප්‍රකට ඇමරිකානු ව්‍යාපාරිකයකු වන Warren Buffett ගේ චීනයේ සිදුකරන ලද ආයෝජනයක ප්‍රතිපලයකි.

මෙහි ඇති විශේෂත්වය නම් පුර්ණ වශයෙන් ආරෝපණය කලවිට කිලෝමිට 300 ධාවනය කළහැකි වන අතර පැයට කිලෝමීටර් 140 උපරිම වේගයකට ළඟාවිය හැකි වීමයි. 

මෙම මෝටර් රථයට තත්පර 10 ඇතුලත පැයට කිලෝමීටර 100 වේගයකට ළඟාවීමට හැකියාව පවතින අතර මෙහි බැටරිය අවස්ථා 2000 වඩා වැඩි වාර ගණනක් ආරෝපණය කිරීමට හැකියාව පවතී.

විදුලියෙන් ධාවනය වීම මත අනෙකුත් ඉන්ධන වලට සාපේක්ෂව ඉතා ලාභ දායිතාවයක් පවතී. තවද මෙම මගින් වායු දුෂණයක් හෝ ශබ්ද දුෂණයක් සිදුනොවේ.

මේ වන විටත් න ලාෆ් සමුහ ව්‍යාපාරය පර්යේෂණ ධාවන කටයුතු සඳහා මොටර් රථ 2ක් ගෙන්වා ඇති අතර වාණිජ අරමුණෙන් තවත් මොටර් රථ 50 ඇනවුම් කර ඇත. මෙවැනි මොටර් රථ තවමත් මහා පරිමාණයෙන් ආනයනය සිදුනොවන බැවින් තවම මේ සඳහා රේගු බදු අයකිරීමක් සිදු නොවේ.

උපුටා ගෑනීම -  http://www.33000.lk/2013/08/blog-post_28.html










Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews