POSTED ON Friday, August 30, 2013| | Edit Post
ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ මාධ්‍යය ආයතන වලට සැලකියයුතු මුදලක් ලබාදී දැන්වීම් පලකරනා ආයතනයකි. 

එම සමාගමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එම සමාගමේ මෙහෙයුම් කටයුතු කෙටි කලක් නවත්වා තිබූ අතර රූපවාහිනියේ දැන්වීම් ප්‍රචාරයද ටික කලකට අත්හිටුවා තිබුණි. 

මේ හේතුවෙන් වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ රජයේ රුපවාහිනි නාලිකා දෙකය. මිට අමතරව පෞද්ගලික රුපවාහිනි නාලිකාවන්ද අපහසුතාවයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බිඳවැටීම හේතුවෙනි. 

මෙම හේතූන් නිසා සවසට වැඩ ඇරී ගෙදර ආ විට බැලීමට ඇති රූපවාහිනිය බදු අරගන සිටි කරදරකාරයින් තාවකාලිකව හෝ පලාගොස් ඇත. ඒ අතර


  • වසර ගණනක් හිසට තට්ටු කරමින් අදාල කිරිපිටි වර්ගය පානය නොකරන අය අණුවනැයි කියන මිසිස් පෙරේදා දක්නට නැත.
  • දවසට තුන් හතර වරක් කැත නැතුව හතලිහක් විතර එක්කන් කිරි බොන්න එන මිසිස් පෙරේරාගේ මවද පේන්නට නැත
  • පූසෝ සිංහයන් කරනා, සාවුන් සීබ්‍රාවුන් කරනා විශ්මිත ණුවනැති දරුවා සහ ඔහුගේ මව පේන්නට නැත
  • අපවත් උනන්දුවක් නැති අපගේ අස්ථි ගැන හොයනා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා හා ඔහුගේ ප්‍රිය බිරිඳ ද පලාගොසිනි.
  • පළතුරුක්, එළවලුවක් හෝ කොළකැඳ කැඳ ටිකක් ආහාරයට නොගෙන චන්ඩී බන්ඩි ගැන ලංකාවේ අපට පොරටෝක් දෙන දරුවා හා මවද නැත

මේ අතර දැනට ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ජාවක් ඊයේ පවත්වා තිබේ. එහිදී ශ‍්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වන විට ස්වයංපෝෂිත කිරීමට සාකච්ජා කළ බව අද බොහෝ පුවත්පත් වාර්තා කර ඇත.

ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම, කිරි ගොවින් දිරිමත් කිරීම හා කිරි ගවයින් ප්‍රවර්ධනය කිරීමේ ඇතුළු වැඩසටහන්වලට සහාය ලබාදීමටද නවසීලන්ත රජය සහය දක්වන බව සඳහන්.

ලබන නොවැම්බර් මස 10 සිට 17 දක්වා කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවන නවසීලන්ත අග්‍රාමාත්‍ය හා ජනාධිපතිවරයා එම ස්වයංපෝෂොඉත කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට යෝජිත බවද එම පුවත්පත් වල වැඩිදුරටත් සඳහන්ය.

කුඩා දරුවෙකුට ඇන්කර් පොවනා බැසිල් රාජපක්ෂ මහතා.


උපුටා ගෑනීම -  http://www.33000.lk/2013/08/blog-post_1601.html#ixzz2dSL9xb3i

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews