POSTED ON Wednesday, May 22, 2013| | Edit Post
ලංකාවට ගෙන්වන සුදුසීනිවල කැඞ්මියම් නම් විෂ රසායනික ඉහළ මට්ටමෙන් අඩංගුවෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණයකින් හෙළි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදැක්වූ වාර්තාවේ එම රෝගයට හේතු ලෙස කැඞ්මියන් ආසනික් හා කෘමිනාශක නම්කර ඇති බවද, රෝගීන්ගේ මුත‍්‍රා සාම්පල් පරීක්ෂාවේදී ලංකාවට කෙදිනකවත් ආනයනය නොකෙරූ කෘමිනාශක වර්ග කිහිපයක අන්තර්ගත අවශේෂ ඇති බව සොයාගෙන ඇති බවත්, හෙතෙම පැවසීය.
ආනයනය නොකරන ලද කෘමිනාශකවල අවශේෂ ශරීරගතව තිබීමට හේතු විශ්ලේෂණය කරමින් වැඩි වශයෙන් මෙරටට ආනයනය කරන සීනී හා පරිප්පු යොදා පරීක්ෂණ ආරම්භ කළ බවත්, එහිදී ආනයනික සුදු සීනීවල කැඞ්මියන් වැඩිපුර අඩංගු බවටත්, සොයාගෙන ඇත.

සීනි වල අඩංගු කැඞ්මියන් ප‍්‍රමාණය කොපමණදැයි පරීක්ෂා කීරීමත්, පරිප්පු ඇතුළු අනෙකුත් ආහාර වර්ගවලත් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වී ඇත්දැයි යන්නත් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රජය විසින් සිදුකරමින් පවතින බැවින් ජනතාව කලබල නොවිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.]
 - lankac news




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews