POSTED ON Monday, May 20, 2013| | Edit Post
"සfire" යනු ලොවෙහි ඕනෑම වර්ගයක සංගීත නවතම ආකාරයකට රස විඳිය හැකි ආකර්ශනීය පරිඝනක මෘදුකාංගයකි (software). ඉතා කුඩා කල සිට ක්‍රම ලේඛනය (programming) ප්‍රගුණ කල මෙහි නිර්මාණකරු සහ මෙම මෘදුකාංගය සියයට සියයක් ශ්‍රී ලංකේය වේ. 

මෙහි ඇති විවිධ උපාංග මගින් ගීයක පදවැල් (lyrics), විවිධ රටවල ජනප්‍රිය ගීත දර්ශක (top charts), ගායක ගායිකාවන්ගේ පින්තුර (album art/artist image) වැනි දෑ එසැනින් ලබා ගත හැක

 .
සවන පිනන සුපැහැදිලි හඩ ගෙන ඒම "සfire" හි ඒකායන අරමුණ වේ. මෙහි ඇති Audio Fx මගින් ඔබට රිසි ලෙස ගීතය විවිධ ආකාරයෙන් වෙනස් කර රසවිඳිය හැක . "සfire" හි ගීත ගබඩා කොට ඇත්තේ ඉතා පහසුවෙන් තොරා ගැනීමට හැකි වන පරිදිය . එනම් ගීත , කලාකරුවන් (Artists),ගීත ඇල්බම් (Albums), ගීත වර්ග (Genres) යනුවෙන් වෙන් කර ඇත. එමෙන්ම මෙහි ඇති දියුණු සෙවීම (refined search) මගින් ඔබට අවශ්‍ය ගීතයෙහි නමෙහි ඉතා කුඩා කොටසක් වුවද ඇතුලත් කිරීමෙන් , "සfire" එම ගීතය ඔබට එසැනින් ලබා දේ.

"සfire" හි ඇති තවත් එක් අනර්ඝ ආයීත්තමක් වන්නේ තමන්ට රිසි සේ ගීත දර්ශක (playlists) සද ගැනීමේ පහසුව වේ . එය choose and drop ක්‍රමයට අනුගත වේ . 

"සfire" හි ඇති දැකුම්කළු අංග වන්නේ එහි ඇති visualization රටා, සිරස් කුළුණු පනහක් අන්තර්ගත වන ගීතයේ රිදයමට ගැලපෙන පරිදි වෙනස් වන දිලි පටියද ,UX modes ද , එමෙන්ම "සfire" හි ඇති භාවිතයට පහසු බව සහ තමාට රිසි පරිදි එහි පසුතල වෙනස් කිරීමට හැකි බව ඉතා අනර්ඝයි.

"සfire", Last FM වෙබ් අඩවිය සමග සම්බන්ධ වී ලෝකය ද සමග ඉතා සමීප වී ඇත . මෙමගින් ලෝකයේ සිටින සංගීත ලෝලීන් සමග සම්බන්ධ විය හැක . එය තවත් පහසු කිරීම සදහා 'Pasco' නමැති 'Web Browser' ක්ද මෙහි නිර්මාණකරු විසින් අන්තර්ගත කර ඇත.

මෙම කෙටි පෙරවදනෙහි "සfire" පිළිබඳව නොකියවුන දෑ බොහෝය. එහි ඇති නවීන තාක්ෂණය විද ගැනීමට ඔබ එකතු වන්න . "සfire" ඔබව පසුතැවිල්ලට පත් නොකරන බව සියයට සියයක් විශ්වාසය .

"සfire" වෙබ් අඩවිය - www.safireplayer.com

"සfire" ෆේස්බුක් පේජය - www.facebook.com/SafirePlayer

















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews