POSTED ON Tuesday, May 21, 2013| | Edit Post

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශක්තිජනක පානයක් නොවන බවට අනුමත කර ඇති උත්තේජක ද්‍රව්‍ය අඩංගු පානයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළ නිලධාරීන් විසින් වෙළෙඳපොළට නිකුත් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයට කිසිදු අදාළත්වයක් නොමැති එම පානය ආයුර්වේද පානයක් ලෙසට නම් කර ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර වෙළෙඳපොළට නිකුත් කිරීමට එම අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් අදාළ සමාගමෙන් විශාල ලෙස මුදල් ලබාගෙන ඇති බවත් එම ආරංචි පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබා නොදෙන එවැනි ඖෂධ හා පානයන් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසර ලබාදීම මගින් මෙසේ මුදල් ලබා ගැනීම දීර්ඝ කාලීනව සිදුවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. - lankacnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews