POSTED ON Tuesday, May 21, 2013| | Edit Post
මෙරට බීර බීම වැඩිවී තිබේ. මේ නිසා, බීර වලට තිබෙන්නේ වැඩි ඉල්ලුමකි. මේ හමුවේ මෙරට විශාලතම බීර නිෂ්පාදකයා වන ලයන් බීර සමාගම බීර කෑන් කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සූදානම් වේ.

කාර්ල්ස්බර්ග් බීර කෑන් පසුගිය වසරේදී ඉන්දියාවෙන් හා වියට්නාමයෙන් ආනයනය කිරීමට සිදුවූ නිසා සමාගමේ ලාභය සියයට 17 කින් පමණ පහළ ගොස් 2012 දී ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 1.0 ක් පමණ වේ.
මෙසේ කාර්ල්ස්බර්ග් බීර කෑන් ආනයනය කිරීමට සිදුව තිබෙන්නේ සමාගමේ මෙරට බීර කෑන් කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවීම නිසයි.

මෙම කාලයේදී ආනයනය කරන බීර කෑන් එකකට අයකළ තීරු බද්ද සියයට සියයකින් වැඩිකර තිබේ.

මේ නිසා, බීර කෑන් කිරීමේ පහසුකම් පුළුල් කිරීමට සමාගම සූදානම් වන අතර අරමුණ වන්නේ මේ තුළින් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමයි.රජය ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ සැබෑ අවස්යතාවයක් ඇත්නම් මෙවැනි අවස්ථාවක කල යුතුව ඇත්තේ හැකි ඉක්මනින්ම් දේශිය වසයෙන් බීර මෙරට ටින් කරන සියලු සංගම් මත සියයට සියයක් බදු පැමිණවීමය එසේ නොමැතිව මතට තිත යි කියමින් බහුජාතික සමාගම් පිනවීමෙන් වාසී ලබන්නේ මහාබන්ඩාගාරයේ ආර්තික ගාතකයන් පමණි .

මූලාශ්‍ර - 01

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews