POSTED ON Wednesday, May 1, 2013| | Edit Post
 කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු...

--"Free facebook t-shirt, facebook caps, game credits, skype credits, airtel reload...."
--"It happens on tv, john cena died, justin bieber sex video...."
--"Who views your profile, who loves you, how much your lover loves you, What Your Birthday Say about Your Profession....."

මේ වගේ අනන්ත සංඛ්‍යාවක් ස්පෑම්ස් එනව කාලෙන් කාලෙට. ඒව අඳුර ගන්න නම් පොඩ්ඩක් විමසිලිමත්ව ඒව දිහා බලන්නම වෙනව. ගොඩක් ඒව පහසුවෙන් අඳුරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි, ගොඩක් දෙනෙක් එකපාර එකම දේ පෝස්ට් කරනව. ඒ පෝස්ට් එකත් එක්කම පොඩි ලින්ක් එකකුත් තියෙනව මෙතනට යන්න කියල (සමහර වෙලාවට කමෙන්ට් එකකින් වැටෙන්නත් පුලුවන්). ඒ වගේම එහෙම ලින්ක් එකක් ඕපන් කරපු ගමන් ඔයාට කියන්නෙ මොකක්හරි දෙයක් ලයික් කරන්න, ෆේස්බුක් ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න හෝ browser addons එකක් ඉන්ස්ටෝල් කරන්න කියල.
මෙන්න මේ වගේ දේවල් තියෙන පෝස්ට් වලින් 99.9%ක්ම පැතිරෙන්නෙ ඒ අය නොදැනුවත්වමයි. ඒ කියන්නෙ ඒ අයත් මේ වගේම දේකට රැවටිලා තියෙනව කියන එක. ඔයත් ඒක ක්ලික් කරොත් ඔයාටත් වෙන්නෙ ඔයටිකම තමයි. ඔයාගෙ නමින් හැම තැනම ඒ පෝස්ට් එක පැතිරෙනව.

ඔයා මේ වගේ දෙයක් දැක්කොත්.....
වහාම ඒක පෝස්ට් කරපු කෙනාගෙන් පුද්ගලික අහන්න ඔයාමද මේ පෝස්ට් එක දැම්මෙ කියල. ඔහු/ඇය නොදැනුවත්ව එය සිදුවී තිබේ නම් ඒකෙන් බේරෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න කියල දැනුවත් කරන්න. (පහලට කියවන්න)

ඔයා මේ වගේ දේකට දැනටමත් අහුවෙලා නම් ඉන්නෙ....
වහාම ඔබගේ ෆේස්බුක් password එක වෙනස් කරන්න. එමගින් ඔබ දැනට ඉන්ස්ටෝල් කර ඇති ඇප් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ඇති. දැන් ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම ෆේස්බුක් ඇප්ස් සහ browser addons ඉවත් කරන්න.
01. මෙතනින් ගොස් ඔබ දැනට ඉන්ස්ටෝල් කර ඇති ෆේස්බුක් ඇප්ස් වල නම් බලා ගත හැකියි. ඒවායෙන් ඔබ නොදන්නා/පාවිච්චි නොකරන ඒවායේ ඉදිරියෙන් ඇති ‍x ක්ලික් කර එන popup එකෙහි Delete all your activity on Facebook යන්න ඉදිරියෙන් හරි ලකුණ යොදා remove ක්ලික් කරන්න.
02. ඔබ Firefox පවිච්චි කරන්නේ නම් Tools > Addons > Extentions වල ඇති ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම Addons remove කර දමන්න.
ඔබ Chrome පවිච්චි කරන්නේ නම් Tools > Extentions වල ඇති ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම Addons remove කර දමන්න.
ඔබ තව්මත් Internet Explorer පාවිච්චි කරන්නේ නම් වහාම Chrome, Firefox වැනි browser එකකට මාරු වන්න.
---එසේ කලද තවමත් යථා තත්ත්වයට නොපැමිණියේ නම් වහාම මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න---

ෆේස්බුක් ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...
ඔබ යම් ෆේස්බුක් ඇප් එකක් ඉන්ස්ටෝල් කිරීමේදි "Post on your behalf" යන්න සඳහා permission ඉල්ලයි නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. එය skip කර යාහැකි නම් එසේ කරන්න. skip කළ නොහැකි විටකදී එම ඇප් එක විශ්වාසදායක්ද යන්න දැන ගැනීමට මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න. 

Browser addons ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...
ඔබ යම් addon එකක් ඉන්ස්ටෝල් කිරීමට පෙර ඒ පිළිබඳ දෙවරක් සිතන්න. එය ලබාදෙන අඩවිය විශ්වාසදයක වීම වඩාත් වැදගත්ය. නමුත්  විශ්වාසදයක අඩවි වල පවා නරක දේ තිබිය හැකි බැවින් මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න.

මෙය අපහසුවෙන් හෝ කියවූ ඔබට බොහොම ස්තූතියි.
ඔබගේ මිතුරන්ද දැනුවත් කිරීමට මෙය හැකිතාක් ෂෙයා කරන්න. මෙවැනි දේ වලට හසුවී ඇති අයට මේක දෙන්න.
ෂෙයා කිරීමේදී මෙම ෆොටෝ එක ෂෙයා කරන්න -> 

                        

(උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න)
--Rksk Ekanayaka

spam කිහිපයක් -

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews