POSTED ON Saturday, May 18, 2013| | Edit Post

ඖෂධ ලෙස ලියාපදිංචි කර මෙරටට ගෙන්වන ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන විකිරණ පරීක්ෂණවලට යොමු නොවීම නිසා ජනතාවගේ මෙන්ම විශේෂයෙන්ම කුඩා ළදරුවන්ගේ සෞඛ්‍යයට බලගතු තර්ජනයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

ඖෂධ ලෙස ලියාපදිංචි කර ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ගෙන්වීම සිදු කරන්නේම විකිරණ පරීක්ෂණවලින් බේරීමේ උපක‍්‍රමයක් ලෙසට බවද ඒ මහතා කියා සිටී.


ඖෂධ ලෙස ලියාපදිංචි කර ශ්‍රී ලංකාවට ආනයනය කරන ළදරු කිරිපිටි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා නීතිමය බලයක් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියට නොතිබීම නිසා ඒවා පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ සැලසෙන  පරිදි නීතිමය බලයක් ලබා ගැනීමට පරමාණු ශක්ති අධිකාරිය පියවර ගනිමින් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක එම අධිකාරියේ සභාපති රංජිත් විජෙවර්ධන මහතා පැවසුවේ නීතිමය බලය ලැබෙන තෙක් නොසිටි මේ සම්බන්ධ පරීක්ෂණ කිරීමට ක‍්‍රියා කරන අතරම නීතිමය බලය තහවුරු කර ගැනීමට ක‍්‍රියා කරන බවයි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews