POSTED ON Tuesday, May 21, 2013| | Edit Post

 නව නිපැයුම  වෙනුවෙන්  රටවල් 76 නියෝජනය කරමින්  ඇමෙරිකාවේ  ඇරිසෝනා ප්‍රාන්තයේ දී  තරගකරුවන්  1600 දෙනකු අතරින් විදුලි  හා යන්ත්‍රික  අංශයේ ප්‍රථම ස්ථානය මිහින්තලේ මහා විද්‍යාලයේ  කලා අංශයේ  පුබුදු දිනේෂ්  චිත්‍රානන්ද  කපුගේ සිසුවා දිනාගත්තේය.ඔහු  ගලෙන් බිදුණු වැව  අලුත් දිවුල් වැව  පදිංචි කරුවෙකි.

 ඔහුගේ නව නිපැයුම  කුඹුරේ නියර කැපීමේ යන්ත්‍රයයි. නියරේ වැවී ඇති වල්  පෑලෑටිද ඉවත් කරමින් ලස්සනට නියර සකස් කිරීමට මේ යන්ත්‍රයට හැකියාව ඇත.

 කපුගේ නමින් විශ්වයේ තාරකාවක් නම් කිරීමටත් තීරණය විය .ඔහුට ඇමෙරිකාවෙන් ඇමෙරිකා ඩොලර්  3000ක් (රුපියල් 384000 ) හා ඉන්දියාවෙන් ඇමෙරිකා ඩොලර් 500ක (රුපියල් 64000)  ත්‍යාගයක් හිමි විය.

 ඇමෙරිකා ඉංජිනේරු සමාගමක්  රටවල් 7 ක්  නම් කර ඔහු  කැමති රටකට ශිෂ්‍යත්වයක්ද  ලබා දීමට කැමැත්ත පළ කැර  ඇත. කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුහු  දෙදෙනක් ආනන්ද විද්‍යාලයෙන්  සිසුවෙක්ද මේ තරගයට එක් වුහ. -lankadeepa.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews