POSTED ON Saturday, May 11, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාවේ භාවිතා වන කෘෂි රසායනවල තහනම් විෂ ද්‍රව්‍ය රැසක් අඩංගු බව දිනෙන් දින හෙළි වෙමින්
තිබියදී සමාගම් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සංවිධානය කල රැස්වීමක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සංගම් එකමුතුවේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි.

 එහිදී කෘෂි රසායන සමාගම් වෙනුවෙන් ලංකෙම් සමාගමේ සෙනරත් කිරුවත්තුඩුව මහතා අදහස් දැක්වීය. එම අදහස් ආරක්‍ෂා කිරීම සඳහා සහකාර පලිබෝධකාශක රෙජිස්ට‍්‍රාර් සුමිත් ජයකොඩි සහ ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය කමනි වනිගසූරිය ඉදිරිපත්ව සිටියහ.


 ජයකොඩි මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් ලෙස පත්වීමට නියමිත අතර වනිගසූරිය මහත්මියගේ සැමියා කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ධුරයක් උසුලයි.

තත්වයෙන් බාල පළිබෝධනාශක නිසා රටේ ජනතාව දිනෙන් දින රෝගීන් බවට පත්වෙමින් සිටියදී පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් තනතුර ලැබීමටත් පෙර ජයකොඩි මහතා නිර්ලජ්ජී ලෙස සිය පක්‍ෂපාතීත්වය විදහා දැක්වීමටත් වනිගසූරිය මහත්මිය වෛද්‍ය වෘත්තියටත් සිය විශ්ව විද්‍යාලයටත් අපකීර්තියක් ගෙන දෙමින් සමාගම් වෙනුවෙන් ලිනී සිටීමත් බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක් විය.

 රැස්වීම එසේ පැවතෙද්දී මහ පිරිස මැද විශේෂ පුද්ගලයෙක් නැගී සිටියේය. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එසේ මෙසේ වෛද්‍යවරයෙක් නොව ශ‍්‍රී ලංකාවේ සමස්ථ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයාය. ඔහු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතායි.

 ඔහු නැගී සිට දේශකයන් තිදෙනා දැක්වූ කරුණු නිර්දය ලෙස විවේචනය කලේය. ආසනික් යනු වසක්ම බවත් තම පෞද්ගලික වාසිය තකා මේ අයුරින් අදහස් දැක්වීම වැරදි බවත් දේශකයන් සමාගම් විසින් කුළියට ගෙන ඇති බවත් ඔහු නිර්භයව කීවේය.  සභාව එතනින්ම අවසන් විය.

2-ho1 

2-ho


- lanka C news

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews