POSTED ON Friday, May 3, 2013| | Edit Post
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ සේවා වැඩිදියුණු කිරීම යටතේ ආරම්භ කරනු ලැබූ හැමිල්ටන් ඇළ සංවර්ධන වැඩසටහන හරහා  වසර ගණනාවක සිට ඉතා අපිරිසිදු ජලයෙන් සහ දුර්ගන්ධයෙන් යුත් ස්ථානයක් බවට පත්ව තිබූ හැමිල්ටන් ඇළ මේ වන විට ඉතා ආකර්ෂණීය ‍මෙන් ම ජනතාවට වඩාත් හිතකර මට්ටමකට පත්ව තිබේ.
 
හැමිල්ටන් ඇළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මා ඔය සිට කැලණි ගං ඔය දක්වා විහිදී ඇති කිලෝමීටර 22ක් සංචාරක ආකර්ෂණීය ප්‍ර‍දේශයක් බවට පත් කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටෙත් මා ඔයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 09ක පමණ කොටසක් සංවර්ධනය කරන ලදී. දෙවන පියවර යටතේ මීගමුව කලපුවේ සිට හේකිත්ත (කැලණි ගංමෝය) දක්වා වන කිලෝ මීටර 14ක් සංවර්ධනය කිරීම ඉකුත් ‍පෙබරවාරි 20වැනිදා ආරම්භ කරුණු අතර එහි පළමු කිලෝමීටර දෙක හමාර මැයි මස වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනයකර අවසන් කිරීමට නියමිතය.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ රජයේ වෙනත් ආයතන ගණනාවක් මඟින් ඒකාබද්ධ ව සිදුකරන සංවර්ධන කටයුතු අවසන් වෙමින් පවතින හැමිල්ටන් ඇළ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව හැමිල්ටන් ඇළ මීගමුව කළපුවද මුතුරාජවෙල ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු ද වැඩිදියුණු වනු ඇත. අටවන වීර ප්‍රරාක්‍රමබාහු රජතුමා විසින් 15වන සියවසේ දී කුළුබඩු ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා මීගමුව කළපුව ප්‍රධාන තොටුපොළක් ලෙස පරිහරණය කරන ලදී. භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඕලන්ද යුගයේ දී ආරම්භ කරන ලද හැමිල්ටන් ඇළ බ්‍රිත්‍යාන යුගයේ දී වසර 1802 නිමාවට පත්විය.

03.කාලයක් තිස්සේ නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මෙන් ම ඇළට නුදුරින් පවත්වා ගෙන යනු ලබන කුකුළන් සහ ඌරන්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉවතලන අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල ආදීයෙන් ගහණ ස්ථානයක් බවට හැමිල්ටන් ඇළත් එම අවට ප්‍රදේශයත් පත්ව තිබූ නිසා ප්‍රදේශවාසීහු විවිධ රෝගවලට සහ විවිධ පාරිසරික තර්ජනයන්ට භාජනය වූහ. හැමිල්ටන් ඇළ සංවර්ධන ව්‍යාපෘතිය දෙ ඉවුර යාකරමින් පල්ලියවත්ත ප්‍රදේශයේ නව පාලමක් ඉදි කරනු ලබන අතර දික්ඕවිට සමූපකාර පාලම ඉදිකෙරෙන අතර එයට අමතරව ඇළ මාර්ගය හරහා ඉදි ව තිබූ තවත් අඩි පාලම් 04ක් සහ ප්‍රධාන පාලම් 09ක් ද සම්පූර්ණයෙන් දැන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.
 
ජනතාවගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඇළෙන් එගොඩට පැමීණීම සඳහා මෙතෙක් යොදාගෙන තිබූ අනාරක්ෂිතකම නිසා ඔවුන් විවිධ තර්ජනවලට මුහුණ දුන් අතර මෙසේ නව පාලම් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතවී ඇති බවත් ගමනා ගමනය පහසුවී ඇති බවත් පෙන්වාදෙන ප්‍රදේශවාසීන් කාලයක් තිස්සේ කිසිදු පුද්ගලයකුගේ අවධානයකට ලක්නොවු ඔවුන්ගේ ජීවිතවලට මෙම ව්‍යාපෘතිය හරහා විශාල වටිනාකමක් ලැබී ඇති බව ප්‍රකාශ කරති.
 
මෙම ව්‍යාපෘතිය සංචාරක ආකර්ෂණය මූලිකකොට ගත්තක් වුවද ඒ හරහා ඇළ ඉවුර ආරක්ෂා කිරීම, ශාක, සත්ත්ව විශේෂ සහ මත්ස්‍ය විශේෂ මෙන් ම මෙම ජෛවවිවිධත්වය ආරක්ෂා කිරීම, ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද මේ යටතේ ක්‍රියාත්මක වේ. - news.lk


02. copy

04.

05.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews