POSTED ON Wednesday, May 29, 2013| | Edit Post
දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද ඇතුළත් කරද්දි මාරයින් හා යක්ෂයින් තමාව යට කරන්න පැමිණි නමුත් තමාව යට කිරීමට ඔවුන්ට නොහැකි වූ බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
මීට සමාන ප්‍රකාශයක් ජාතික ඖෂ ධ පනත සැකසීමෙදීද සිදු වූ බව අමාත්‍යවරයා මීට කලින්ද මාද්‍ය හමුවකදී කියන්නට යෙදුනි . ජනමාද්‍ය ආයතන හරහා මාද්යට් වීරයකු වීම බව අප හොදින් දනී මේ වන තෙක් දුම්කොළ සම්බන්දාව හෝ ඖෂ ධ පනත සම්බන්දව කිසිවක් ඇමති මෛත්‍රිපාල සිදු කර නැත ලෝකයන් සම්මාන කොපමණ ලැබුනද අප බැලිය යුත්තේ ලංකාව සම්බන්ද ගැටළු වලදී දේශපාලන බලාදිකාරිය කොපමණ මැදිහත් වී ඇත්ද යන්නය.

වෙස් මුහුණු බැඳගෙන ඇතැම් බලවේග එසේ ක්‍රියාත්මක වුවත් තමාව බිය කිරීමට නොහැකි වූ බව ඔහු කියයි. දුම්වැටි නිසා සිදුවන විපාකය ගැන රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමට රාජ්‍ය ආයතනවල උපදේශන ඒකක පිහිටුවන බවද ලබන 31දාට යෙදෙන ලෝක දුම්වැටි දිනය නිමිත්තෙන් කොළඹදී ඊයේ පෙරවරුවේ පැවැති උත්සවයකදී ඔහු මේ බව කීවේය. ඔහු කොළ යුත්තේ අපරාද පරීක්සන දෙපාර්තුමේන්තුවේ හෝ අදාල ආරක්ෂක අංශ වෙත මේ බව දැන්වීමය එසේ නොමැතිව පවසන පුරසාරම් අපට වහකදුරු සේ තිත්තය .

දුම්කොළ ප්‍රචාරණය අනුග්‍රහය හා තහනම් කිරීම මෙවර දුම්වැටි දිනයේ තේමාව බව උත්සවය ඇමතු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පැවසීය. සියලු ප්‍රචාරණ කටයුතු මේ වනවිටත් තහනම් කර ඇත කළයුතුව ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරවීම සදාහා යාන්ත්‍රරානයක් සැකසීමය ඒ බැව් නිහාල් ජයතිලකට අමාතකවීම කනගටුදයකය.

මේ වන විට මෙරට පිරිමින් 21%ක් දුම්වැටි පානය කරන බවත් කාන්තාවන් එය 0.8%ක් දක්වා අඩු වී ඇති බවත් හෙතෙම පැවසීය.

මීට පෙර පුද්ගලයින් වයස 16දී දුම් පානයට ඇබ්බැහි වුවත් එය මේවන විට අවුරුදු 21 දක්වා වැඩි වී ඇති බවත් ඔහු කීවේය.

දුම් බොන්නන් අතර සිටීම නිසා වසරකට ලක්ෂ 6ක් පමණ මිය යන බවද, දුම්බීමෙන් පසුගිය සහශ්‍රයේ මිලියන 100ක් මියගොස් ඇති බවද, එළඹෙන සහශ්‍රයේ මිලියන 1000ක් මිය යනු ඇති බවද එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීවේය.

වසරකට ලොව පුරා මිලියන 06ක් දුම්වැටි නිසා මිය යන බවද එහිදී අනාවරණය කෙරිණ. 
- උපුටා ගෑනීම -  Battaramulla sri lanka

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews