POSTED ON Saturday, May 11, 2013| | Edit Post
මෙරටට පිරිකිරි ආනයනය කර බෙදාහරින ප‍්‍රධානතම සමාගමක් වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදනයන් වැඩි කර ගැනීම සඳහා යොදන උග‍්‍ර විෂකාරකයක් වෙළදපලේ ඇති නිෂ්පාදනවලට එක්ව ඇතැයි පිළිගෙන තිබේ.

කලකට පෙරද මෙම සමාගම විසින්ම මෙලමයින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය බෙදාහැරීම නිසා ලොව පුරා බොහෝ පිරිසක් දෙනා රෝගාබාධයන්ට ගොදුරු වූ අතර තවත් කිහිප දෙනෙක් මිය ගියේය.


මෙවර මොවුන්ගේ නිෂ්පාදන සමඟ එක්ව ඇත්තේ ‘ඩයිසයන් ඩයමයිඞ්’ නම් පොලොවෙන් නයිට‍්‍රජන් නිදහස් වීම වැළැක්වීම සඳහා යොදනු ලබන රසායන ද්‍රව්‍යයයි.  මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් කර ඇති ෆොන්ටෙරා සමාගමේ ප‍්‍රධාන විධායකයා පවසා ඇත්තේ තමන් එම රසායනය යෙදු බව සත්‍ය බවත් එය ඉදිරියේදී භාවිතය නවතා දැමු බවත්ය.

කෙසේ වෙතත් අදාල සමාගම සිය නිෂ්පාදනයන් ඉහල නංවා ගැනීම සඳහා මිනිස් ශරීරයට නුසුදුසු බොහෝ රසායනිකයන් එක් කරමින් සිටී.

බෝ නොවන රෝග බොහෝ ගණනකට හේතු විය හැකි ඉහත රයායනය දැනට මෙරට වෙළඳපලේද අලෙවිය සඳහා යොදා ඇති සියළු ෆොන්ටෙරා නිෂ්පාදනවලද ඇති බව විශ්වාස කල හැකිය. -

lanka C news


මූලාශ්‍රය - 01

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews