POSTED ON Monday, May 20, 2013| | Edit Post

මෙරටට බ‍්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන සුදු සීනිවල සැලකිය යුතු ප‍්‍රමාණයක් විෂ රසායනික  අඩංගු බව හෙළිව තිබේ.

ගන්නෝෂරුව කෘෂි පර්යේෂණ ආයතනය විසින් කරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිදරව් වී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඞීබීටී විජේරත්න මහතා පැවසුවේ බ‍්‍රසීලයෙන් ආනයනය කෙරුණු සුදු සීනිවල තිබී කැඞ්මියම් සැලකිය යුතු ප‍්‍රමාණයක් හමුවී ඇති බවත් දුඹුරු සීනිවල විෂ රසායනික අඩංගු වූයේ සුදුසීනි වල අඩංගු ප‍්‍රමාණයෙන් තුනෙන් එකක් පමණැක් බවත්ය.

කෙසේ වෙතත් ආනයනික අල ලූණු අර්තාපල්වල මෙම රසායනික කිසිවක් අඩංගු නොවූ බව ද විජේරත්න මහතා හෙළි කළේය.

වකුගඩු රෝගීන්ගේ මුත‍්‍ර සාම්පල පරීක්ෂාවේදී මෙරට භාවිතා වන කෘෂි රසායනිකවල අඩංගු  නොවන රසායනික කිහිපයක්ම හමුවූ බැවින් මෙසේ ආනයනික ආහාර පර්යේෂණවලට බදුන් කළ බව කී අතිරේක ලේකම්වරයා එහිදී මෙම කරුණු හෙළි වූ බව ද පැවසීය. - lankacnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews