POSTED ON Friday, May 31, 2013| | Edit Post
රාජ්‍ය ඉ-සේවා ලබා දීමේදී ජංගම දුරකථන හා  ජංගම උපකරණ හරහා ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන  ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය  තීරණය කර තිබේ.

මෙතෙක් නිපදවු සියලු රාජ්‍ය  ඉ-සේවා සාමාන්‍ය  පරිගණක  හා ජංගම පරිගණක ඉලක්ක කරගෙන තනන ඒවා වුවත් පසුව ජංගම  දුරකථන හා  ජංගම උපකරණ මගින් ලබා ගැනීමට  හැකිවන ලෙස එම පහසුකම් පුළුල් කර ඇත.

මේ අනුව ජංගම දුරකථන ලැප්ටොප් හා ටැබ්ලට් මගින් රාජ්‍ය ඉ-සේවාවන් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.දැනට ශ්‍රී ලංකාවේ ඇති මිලියන 20ක් පමණ වු දුරකථන වලින් සියයට 12ක් පමණ ස්මාට් ‍‍ෆෝන් හෙවත් ඉහළ පරිගණකමය හැකියාවෙන් යුතු දුරකථන වන අතර ඉදිරියේදී එම අනුපාතය තවත් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විශ්වාසය පළ කරයි.

නව පරම්පරාවන් තම අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා ජංගම දුරකථන ටැබ්ලට්ස් සහ ලැප්ටොප් උපාංග කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ අනුව ජංගම දුරකථන මගින් සේවා ලබා ගැනීමටත් ජංගම දුරකථන හරහාම එයට අදාළ මුදල් ගෙවීම් සිදුකිරීමටත්  හැකි වන සේ නව  රාජ්‍ය ඉ-සේවා නිර්මාණය වනු ඇති බවත් නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා  සදහන් කරයි.

දැනටමත් මෙසේ  නිර්මාණය කර ඇති ජංගම දුරකථන සේවාවන් ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල බිහිදොර වන www.gov.lk  (ජංගම දුරකථන සේවා) මගින් ලබා ගත හැකි බවද දේශප්‍රිය මහතා පවසයි. - lankaCnews

රාජ්‍ය ‘ඉ-සේවා’ ප‍්‍රතිපත්තියක් එයි

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews