POSTED ON Sunday, May 26, 2013| | Edit Post

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රගතිය උදෙසා රජයේ නිලධාරීන්ගේ කැපවීම සහ දායකත්වය වැඩි වශයෙන් වර්තමානයේ යොමු වී තිබේ. එවැනි අවදියක රජයේ විධායක නිලධාරීන් විසින් දේශීය නිෂ්පාදන වැඩියෙන් අගය කිරීමට යොමු වි ඇති අතර, උසස් තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීමට දේශීය ව්‍යවසායකයන් දිරිමත් කිරීමටද රජය කටයුතු කරයි. - www.luxurylife.lk

ලංකාවේ අංක 01 ශාකසාර රූපලාවන්‍ය සන්නාමය වන, නේචර්ස් සීක්‍රට්ස්, නිෂ්පාදනවල ජාත්‍යන්තර තත්ත්වය සැමවිට අගය කරන පුද්ගලයකු වන රාජ්‍ය අංශයේ සිටින උසස්ම නිලධාරිවරයා වන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, පසුගිය වසර කිහිපයක සිට එවැනිම උසස් තත්ත්වයේ සුවඳ විලවුන් ද තම නිෂ්පාදන පෙළට එක්කර ගන්නා ලෙස එම ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතාට වරින්වර මතක් කරමින් උනන්දු කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර තත්ත්වයේ සුවඳ විලවුන් පෙළක අවශ්‍යතාවය නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් (NBC) ආයතනය ද අවබෝධ කරගෙන ඇත.

එම අවශ්‍යතාව සපුරාලීම සඳහා NBC ආයතනය පිරිමි පාර්ශවයේ විධායක නිලධාරින් අරමුණු කරගෙන නිර්මාණය කරන ලද “NS Black” නමින් ජාත්‍යන්තර තත්ත්වයේ එහෙත් ශ්‍රී ලාංකීය මිලකට මිලදි ගතහැකි  නවතම සුවඳ විලවුන් වර්ග 3ක් වෙළෙද පොළට ළඟදීම හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි පසුගියදා පැවති උත්සවයකදී
NBC ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා විසින් NS Black නව නිෂ්පාදන පෙළ ලලිත් වීරතුංග මහතාට පිළිගැන් වූ අතර, එම අවස්ථාවට ආයතනයේ නිලධාරීහු ද සහභාගි වූහ.

ජාත්‍යන්තර සුවඳ විලවුන් නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රමවේද අනුගමනය කරමින් පිරිමින්ගේ සුවඳ විලවුන් අවශ්‍යතා කොටස් 3කට වර්ග කරමින් මෙම නිෂ්පාදන පෙළ පහත ස`දහන් ලෙස ඉදිරිපත් කර තිබේ.

Silent - private & confidential
Brave - make the first move  
Naughty - for good boys

යුරෝපයේ පිළිගත් ISO සහ ජාත්‍යන්තරව පිළිගත් ISO 9001 සහ ISO 14001 යන තත්ත්ව සහතික යටතේ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ නිෂ්පාදන කටයුතු සිදුකෙරෙන අතර පසුගිය ජනවාරි මාසයේදී Cologne සන්නාමය යටතේ විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ද සුවඳ විලවුන් වර්ග 3ක් වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබීය.


නේචර් සීක්‍රට් වෙබ් අඩවිය - www.naturessecrets.lk , www.luxurylife.lk
ඔවුන්ගේ මීට පෙර පැමිනි S COLOGNE පේජය - S COLOGNE



--Nalin.JPG

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews