POSTED ON Friday, May 3, 2013| | Edit Post

පොල් ගස මේ රටේ සෑම ගෙවත්තකම පාහේ දක්නට ලැබේ.පොල් කිරි නැතුව ඉවුම් පිහුම් වල යෙදීමක් නොමැති තරම්ය.එහෙත් පොල් කැඩීම ලේසි නැත.දැන් දැන් පොල් කැඩිමට ගස් නගින මිනිසෙකු සොයා ගැනිමත් උගහටය.පොල් කැඩිම කෙසේ හෝ ඉටු කර ගත්තද පොල් ලෙලි ගැසිමත් ලෙහෙසි කටයුත්තක් නොවේ.මේ දුශ්කරතා මග හරවනු වස් නව නිපයුම් කරුවන් විවිද උපකරන නිපදවීමට ගත් අවස්තා රාශියක් අති බවද අපි දනිමු.එනමුදු පොල් ලෙලි ගැසිම සදහා ස්වයන්ක්‍රිය උපකරනයක් මෙතෙක් නොවිනි.


මිනුවන්ගොඩ ප්‍රදේශයෙ නව නිපැයුම් කාර තරුනයෙකු අතින් මේවන විට පොල් ලෙලි ගැසිමේ යන්ට්‍රයක් නිර්මානය වි තිබේ.එය එසෙ මෙසෙ යන්ත්‍රයක් නොවේ.දවසට පොල් ගෙඩි 6000 ක් ලෙලි ගැසිමට සමත් දැවැන්තයෙකි.පොල් ලෙලි ගැසිමට සමත් යන්ත්‍රය නිපදව තිබෙන්නේ මිනුවන්ගොඩ දෙපොලවල බි.කෙ.බුද්දික බාලසුරියි.ඔහුගෙ පියා කජු ලෙලි ගැසිමෙ යන්ත්‍රය ලොවට හදුන්වා දුන් නව නිපයුම් සම්මාන ලැබි බි.කෙ.මහිපාල මහතාය. - rivira පුවත්පතෙනි




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews