POSTED ON Tuesday, May 7, 2013| | Edit Post

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ආරක්ෂිත විදුලි රැුහන් වෙළෙඳ නාමයක් වන කැලණි කේබල්ස් PLCසමාගම තම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසින් දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලට අනුබද්ධිත තාක්ෂණික නිලධාරීන්ට (technical officers) විදුලි රැුහන් එළීම සම්බන්ධයෙන් නවතම දැනුම ලබාදීමේ වැඩමුළු මාලාවක් දියත් කෙරුණි.

එහි පළමුවැනි වැඩමුළුව වර්තමානයේ ඉදිකිරීම් බහුලව පවතින හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තාක්ෂණික නිලධාරීන් වෙනුවෙන් හම්බන්තොට දිස්ති‍්‍රක් ඉංජිනේරු, සමීර ඉ`දුනිල් වික‍්‍රමසිංහ මහතා හා ප‍්‍රධාන ගණකාධිකාරී, ඩබ්. ඒ. ආරියසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්වුණි.

තාක්ෂණික නිලධාරීන් දැනුවත්කිරීමේ මෙම පළමු වැඩමුළුවට හම්බන්තොට දිස්ති‍්‍රක් තාක්ෂණික නිලධාරීන් 52ක් සහභාගී වූ අතර කැලණි කේබල්ස්  PL Cසමාගම විසින් අත්දැකීම් බහුල වරලත් විදුලි ඉංජිනේරුවකු වෙතින් ඔවුන්ට ඉදිකිරීමේ ස්වභාවය, තට්ටු ප‍්‍රමාණය හා විශේෂිත අවශ්‍යතා මත විදුලි රැුහන් තෝරාගැනීම, එක් එක් විදුලි රැුහන්වල අනිවාර්යයෙන් තිබිය යුතු සංයුතිය හා ප‍්‍රමිතිය හා ආරක්ෂිතව විදුලි රැුහන් එළීම සම්බන්ධයෙන් ලොව නවතම දැනුම ලබාදුණි.

කැලණි කේබල්ස් PLC සමාගමේ මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කළ හම්බන්තොට දිස්ති‍්‍රක් ඉංජිනේරු, සමීර ඉ`දුනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ, ‘වර්තමානයේ රජයේ තාක්ෂණික නිලධාරීන් ඉදිකිරීම් රැුසක නියැළී සිටීමෙන් මෙවැනි නවතම උපක‍්‍රම හා දැනුම ඔවුන්ට ලබාදීම අතිශයින්ම ප‍්‍රයෝජනවත්. විශේෂයෙන්ම විවිධ ඉදිකිරීම් සම්බන්ධයෙන් වියදම් ඇස්තමේන්තු හා මිල ගණන් සැකසීම සිදුවන්නේත් තාක්ෂණික නිලධාරීන් අතින් වීමෙන් ඔවුන්ට විවිධ විදුලි රැුහැන් සම්බන්ධයෙන් දැනුවත්වීමක් අවශ්‍යයි. එහෙයින් කැලණි කේබල්ස් සමාගම කොළඹින් බැහැරව පිහිටි හම්බන්තොට දිස්ති‍්‍රක්කයට පැමිණ විදුලි රැුහන් එළීම සම්බන්ධයෙන් නවතම දැනුම ලබාදීමෙන් සිදු කළේ කාලෝචිත මෙහෙවරක්. ඉදිරියේදීත් එම සමාගමේ නිලධාරීන් වෙතින් මෙවැනි දැනුවත්වීම් ලබාගැනීමට අප අපේක්ෂා කරනවා.’ යන්නය. - rivira.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews