POSTED ON Sunday, May 12, 2013| | Edit Post

ආසියානු ගෝන් ප්‍රී මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ තුන්වැනි අදියරේ තරගයේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට නදීකා ලක්මාලීත් උස පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට මංජුල කුමාරත් සමත්ව තිබේ.

නදීකා ලක්මාලි (58.41) මීටර් හෙල්ල විසිකරමින් පළමු ස්ථානය දිනාගත් අතර මංජුල කුමාර මීටර් 2.24ක උසක් පනිමින් එම ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.


2013 ආසියානු ගෝන් ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලියේ තෙවන සහ අවසාන තරඟ අද සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

රටවල් 22 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 250 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වී සිටිති.

නදීකා ලක්මාලි පසුගිය 08 වැනිදා පැවැති හෙල්ල විසිකිරීමේ දෙවන අදියරේ තරඟයෙන් (55.99) මීටර් ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද සමත් විය.

තායිලන්තයේ පැවති එම තරඟාවලියේ ප්‍රථම අදියරේ තරඟ ඉසව්වෙන් ද (56.23) මීටර් හෙල්ල විසිකර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇය සමත් විණ. - adaderana.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews